Tuesday, January 8, 2013

SQL Data Base එක C# Programme එකකින් බැකප් කරමු

හැමෝටම සුභ දවසක් 


බ්ලොග් එක ලියාගෙන යන ගමන් මට හිතුනා මේක බලනකොට ඔයාලට ටිකක් බෝරීන් ඇති කියලා
ඉතින් මම හිතුවා මූලික පාඩම් යන අතරේ  ටිකක් ලොකු වැඩ ටිකකුත් කියාලා දුන්නොත් හොදයි කියලා
මේවා නම් ආදුනික අයට හුරු නැති උනාට Programming චුට්ටක් හරි දන්න අයට වැදගත් වෙයි කියලා හිතනවා.
අනික් අය මොකුත් හිතන්න එපා  . එයාලටත් මේ හැම දෙයක්ම මුල ඉදන් හරියට කරන විදිය මම කියලා දෙන්නම්කෝ
එහෙම හොදයි නේ.
අපිට මේ දේ  Asp.net web application එකක වගේම windows based application එකක් භාවිතයෙනුත් කරන්න පුලුවන. මම කියලා දෙන්න යන්නේ නම් web application එකක් භාවිතයෙන් මෙය සිදු කරගන්නා ආකාරයයි,
ඒ හැමදේටම කලින් MS SQL Server,Visual Studio කියන ඩේටා බේස් සහ Programming IDE එක දාගෙන ඉන්න ඕන හොදේ... (ඕන Version  එකක් හොදේ). ඒ ගැන නම් ඔයාලා දන්නව නේ . මම ඒ ගැන අලුත් අයට පාඩමක් කොමත් කරන්න ඉන්නේ හොදේ.

හරි අපි පටන් ගමු.
පලමුවෙන්ම  Stored Procedure එක ලියාගමු අපි. 

CREATE  PROCEDURE [dbo].[BackupDBM]
    /*
    (
    @parameter1 int = 5,
    @parameter2 datatype OUTPUT
    )
    */
AS
BEGIN

BACKUP DATABASE [FINANCE] TO 
    DISK = N'D:\IFSERVER_DB_BACKUP\TTS.bak'
    WITH NOFORMAT, NOINIT,  NAME = N'TTS',
SKIP, NOREWIND, NOUNLOAD,  STATS = 10

END


1 comment: