Thursday, December 27, 2012

Data Types in C#

Data Types in C#

ඔන්න යාලුවනේ අදත් ආවා අලුත් ලිපියක් අරගෙන. අද කරන්න හිතන් ඉන්නේ නම් C#.net වලට අදාල Data Types ටික. Data Type එකක් කීවාම කට්ටියට ඒ පිලිබද පුන්චි අර්තකතනයකුත් කලොත් ඔයාලට තෙරෙයි නේද?
Programming  Language එකක Variable එකක්  තුල කුමන ආකාරයක දත්තයක්ද ගබඩා කරන්න යන්නේ කියන තේරැම තමයි මේකට දිය හැකි හොදම අර්තකතනය.
ඒ කීවේ වේරියබල් එකක් එහෙමත් නැත්තම් විචල්‍ය අගයක් ඇතුලේ අපිට හැකියාව තියෙනවා දහය පාදයේ ඉලක්කම් ඒ වාගෙම දශම එහෙමත් නැතිනම් character ඒ වගෙම ඔව් හෝ නෑ කියන දේවල් ගබඩා කරලා තියාගන්න.
 උද:-
int = පූර්ණ සංඛයා පමනක් ගබඩා කල හැක
float = පූර්ණ සංඛයා මෙන්ම දශම සංඛයා
string = text ඒ කීවේ ඉලක්කම් හෝ වෙනත් වචන වගේ දේවල් ගබඩා කරලා තියාගන්න පුලුවන් 

මේ කීවේ සරල උදා හරණ කීපයක් . ඉදිරියේදී මෙම උදා හරණ තවත් Practical විදියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා

පහත දැක්වෙන්නේ  C# වලට අදාල සියලුම Data Types හා ඒවා අදාල වන කාණ්ඩයන් මෙන්ම ඒවාගේ දත්ත ගබඩා කල හැකි පරාසයන් ය.













එතකොට අපිට පුලුවන් මෙන්න මේ වගේ පොඩි calculation එකක් ඉහත data types යොදා ගෙන කරන්න.

8+2=10

int a,b,c;
a=8;
b=2;
c=a+b;

මෙන්න මේ ආකාරයට අපිට සරල එකතු කිරීමක් කරන්න පුලුවන්. ලොකු එව්වත් එහෙමම තමා හොදේ.
ඉතින් මේ ගමන්ම තවත් පුන්චි දේවල් ටිකක් එකතු කරන්නම්කෝ.
C#.net කියන්නේ case sensitive language . ඒ කීවේ අපි භාවිතා කරන වචන හෝ අකුරැ වල Uppercase & Lowercase භේදය තියෙනවා. වැඩි විස්තර ඕන නම් බලන්නකෝ
http://en.wikipedia.org/wiki/Case_sensitivity
 තව විස්තර ඉදිරියට බලාපොරොත්තුවෙන්න



Wednesday, December 19, 2012

කියලා දෙන්ට යන්නෙ මොනවාද?

දැක්ක ගමන්ම දන්න අය නම් හිතනවා ඇතී .Net ගැන මොන හරි තමා කියලා.
කියලා.ඔව් Microsoft .Net Platform එක ආශ්‍රයෙන් හාවිතා කල හැකි Programming Language  වන (C#.net,VB.net Windows Application & Web Application With Asp.net වගෙම Access,MS Sql,My Sql වගේ DataBase උපකාර කරගන්නා අකාරයත් කියලා දීමට බලා පොරොත්තු වෙනවා. තව ඉදිරියට හොද හොද සෙල්ලම් බලාගන්න පුලුවන් එහෙනම්.
කොමන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.......

ඇරඹීමට මත්තෙන්






මම මේ බ්ලොග් එක නිර්මානය කරන්න හිතුවේ ලන්කාවේ ප්‍රෝගෑමින් පිලිබදව ලියවුනු සින්හල බ්ලොග් සටහන් අඩු නිසා සහ . ඒවා නිසි පරිදි යාවත් කාලීන නොවන නිසත්වෙනී. මූලිකව ඉතා ඉක්මනින් ප්‍රෝගෑමින් සන්කල්ප ටික කියා දීමෙන් පසු Data Base එකක් සමග Software Application එකක් සම්බන්ද වන අකාරය මුල සිටම කියා දීමට බලා පොරොත්තු වෙමි.